මඩකලපුව කළුතාවලෛ ප්‍රදේශයේ සංවර්ධන වැඩසටහන් රැසක් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
කළුතාවලෛ සුයමිපුලින්ක පිල්ලයාර් හින්දු දේවස්ථානය අසළ අබලන් තත්ත්වයේ පැවති මාර්ගය රුපියල් එක්කෝටි විසි දහසකට ආසන්න මුදලක් යොදවමිනුයි සංවර්ධනය කෙරුනේ. එම මාර්ගය සංවර්ධනය කිරීම තුළින් විශාල පිරිසකට සෙත සැලසෙනවා.
කළුතාවලෛ විදුහල ජාතික පාසලක් ලෙස උසස් කිරීමේ නාම පුවරුවද විවෘත කෙරුණේ රාජ්‍ය අමාත්‍යවරිය අතින් එම පාසලට අඩුපාඩුවක්ව පවතින නව ක්‍රිඩා ගොඩනැගිල්ලක් ඉදි කිරීමේ කටයුතු ද මෙහිදී ආරම්භ කෙරුණා.