fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුදු පිහිනුම් තරගාවලියේ බාලක අංශයේ ජය නුවිනුට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 11:05

මුහුදු පිහිනුම් තරගාවලියේ බාලක අංශයේ ජය නුවිනුට

46 වන වරටත් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩා මණ්ඩලය සංවිධාන කළ සැතපුම් දෙක මුහුදු පිහිනුම් තරගාවලියේ බාලක අංශයේ ජය හිමිකර ගැනීමට නුවිනු පෙරේරා සමත් වුණා. එහි බාලිකා ශූරතාව හිමි වූයේ සෙනේෂි හේරත්ටයි.

අම්බලන්ගොඩ මුහුදු තීරයේ පැවති සැතපුම් දෙක මුහුදු පිහිනුම් තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පන්සිය පස් දෙනෙකු එක්ව සිටියා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 310 ක් පළමු පැය තුළදී තරගය නිම කළා. එහි බාලක අංශයේ ශුරතාව නුවිනු පෙරේරා දිනා ගනිද්දී ඩිනේෂ් රණවීර අනුශූරතාව හිමිකර ගත්තා. ඔවුන් දෙදෙනාම කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩකයින්. බාලිකා අංශයේ ශූරතාව කොළඹ විශාඛා විද්‍යාලය නියෝජනය කළ සනේෂි හේරත් දිනා ගත්තා. අනුශූරතාව හිමිවූයේ අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ශෂිනි නවෝද්‍යා ක්‍රීඩිකාවටයි.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 11:05

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්