හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකු ගොනු කළ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කළ විශේෂ මහාධිකරණය ඔවුන්ට එරෙහි නඩුවක් විභාගයට ගැනීමට අද නියෝග කළා. ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී රජයේ මුදල් රුපියල් මිලියන 39.9 ක් සාදව්‍ය පරිහරණය කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ලවී ඇත්තේ.
ගෝඨාභය රාජපක්ෂ ,හර්ෂාන් ද සිල්වා , කේමින්ද ආටිගල , ඒබ්‍රහම් ගලප්පත්ති , භද්‍රා උදුලාවතී ,මහින්ද සාගල සහ මල්ලිකා කුමාරි සේනාධීර යන අය මෙහි විත්තිකරුවන් වනවා. සාපරාධී විශ්වාසය කඩ කිරීම , කුමන්ත්‍රණය , ඊට අනුබල දීම ආදී චෝදනා යටතේ මොවුන්ට චෝදනා ගොනුකර තිබෙනවා. එම චෝදනාවලට වැරදිකරුවන්ද නිවැරදිකරුවන් ද යන පිළිතුර ලබා ගැනීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කළා. නඩුවේ එක් විත්තිකරුවෙකු අධිකරණයේ අද පෙනී සිටියේ නැහැ.
සියලුම විත්තිකරුවන්ගේ පිළිතුරු එකවර ලබාගැනීමට අවශ්‍ය බැවින් නඩුව ලබන 22 වනදා තෙක් කල්තැබුණා. මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග කිරීමට බලයක් නොමැති බවට ගොනුකර ඇති චෝදනා විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බවට පවසමින් විත්තිකරුවන් මූලික විරෝධතා දෙකක් ඉදිරිපත් කර තිබුණා. මෙම ත්‍රිපුද්ගල මහාධිකරණය අධිකරණ සංවිධාන සංශෝධිත පනත තුළින් ස්ථාපනය කර ඇති බවත් නීතිපතිවරයා නඩු පවරන්නේ අගවිනිසුරුගේ අනුමැතිය ඇතිව බවත් විනිසුරු සම්පත් අබේකෝන් මහතා ප්‍රකාශ කළා. ඒ අනුව මෙම අධිකරණයට අභියෝග කිරීමේ හැකියාවක් නොමැති බවට ත්‍රිපුද්ගල මහාධිකරණය අවධාරණය කළා.
මේ අතර නඩුවේ පළමු විත්තිකරු වන ගෝඨාභය රාජපක්ෂ මහතා විනාඩි දහයක් ප්‍රමාද වී අධිකරණය පැමිණීම හේතුවෙන් නියමිත වේලාවට පැමිණෙන ලෙසට ත්‍රිපුද්ගල මහාධිකරණය අවවාද කළා.