fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරිමේ ගැටළුවක් නැහැ – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 09:33

යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරිමේ ගැටළුවක් නැහැ – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරිමේ ගැටළුවක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. පළාත් නවයෙහිම සේනා දළඹුවා මර්දනය සාර්ථකව සිදුකර ඇති බවයි නියෝජ්‍ය කෘෂීකර්ම අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතා පවසන්නේ.

ඒ අනූව ලබාදී ඇති තාක්ෂණික උපදෙස් අනුගමනය කරමින් වගා කටයුතු ආරම්භ කරන ලෙස විජේතුංග මහතා ගොවීන්ගෙන් ඉල්ලීමක් කළා.

යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරිම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඒ පළාත් නවයෙහිම කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් සහ මහවැලි කලාපවල කෘෂි නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන්. ක්ෂේත‍්‍ර මට්ටමින් පළිබෝධ පාලනයට විශේෂ වැඩපිළිවෙලක් සැලසුම් කර ඇති අතර සේනා දළඹුවා වෙනත් කිසිදු වගාවක ප‍්‍රබල පැතිරිමක් පෙන්නුම් නොකරන බවද නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා තහවුරු කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 09:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්