fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙනිසියුලාව ගැන ඇමරිකා යෝජනාවක් ආරක්ෂක කවුන්සිලයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 09:47

වෙනිසියුලාව ගැන ඇමරිකා යෝජනාවක් ආරක්ෂක කවුන්සිලයට

වෙනිසියුලාව සඳහා නව විසදුමක් ඇතුළත් යෝජනාවක් ඇමරිකාව එක්සත් ජාතින්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කළා.

රුසියාව ද ඊට ප‍්‍රතිවිරුද්ධ යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා පෙන්වා දෙන්නේ. විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝගේ ඉල්ලීම අනූව ඇමරිකාව වෙනිසියුලාවට ආධාර තොගයක් ද පිටත් කර හැරියා. එහෙත් එම ආධාර රැගත් ලොරි රථවලට රටට ඇතුළ්වීමට අවසර හිමිවුණේ නැහැ. ඒ පිළිබඳව ද ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් වනවා. ඊට අමතරව සාමකාමී විරෝධතාකරුවන්ට වෙනිසියුලා ආරක්ෂක අංශ සිදුකළ පහරදිම් සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බවයි ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කරන්නේ.

ප‍්‍රජාතින්ත‍්‍රවාදී මැතිවරණයකින් පිහිටුවා ගන්නා රජයකට පුර්ණ සහයෝගය ලබාදෙන බවද ඇමරිකාව සිය යෝජනාවෙහි සඳහන් කර තිබෙනවා. එහෙත් රුසියාව ඉදිරිපත් කර ඇති යෝජනාව වෙනිසියුලාවේ අධිකරණ බලය අභියෝගයට ලක්කරන්නක් බවට ඇමරිකාව චෝදනා කරනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 09:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්