මධුෂ් ඩුබායි අධිකරණයට
Related Articles
ඩුබායිහි දී අත්අඩංගුවට පත් පාතාල නායක මාකදුරේ මදුෂ් ඇතුලු අපරාධ කල්ලි සමාජිකයන් පිරිසක් අද ඩුබායි අධිකරණයට ඉදිරිපත් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පාතාල නායකයෙකු වන මාකදුරේ මදුෂ් ඇතුලු අපරාධ කල්ලි සමාජිකයන් සහ කලා ක්ෂේත්රයට සම්බන්ද පිරිසක් පසුගිය දා ඩුබායිහි තරු පන්තියේ හෝටලයක දී සාදයක් පවත්වා තිබුණා. එහිදී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ භාවිතා කිරීමේ චෝදනාව මත පුද්ගලයන් විසිපස් දෙනෙකු එරට පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් අනතුරුව සිදු කරන ලද රුධිර සාම්පල පරීක්ෂාවක් මගින් මදුෂ් ඇතුලු පිරිසක් කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවට තහවුරු වී තිබෙනවා. විෂ මත්ද්‍රව්‍ය ශරීර ගත නොවු බවට තහවුරු වු පුද්ගලයන් නිදහස් කිරීමට ද එරට පොලිසිය කටයුතු කර තිබෙනවා. අත්අඩංගුවේ රදවා සිටින අනෙක් පිරිස මත්ද්‍රව්‍ය ලග තබා ගැනීම සහ භාවිතා කිරීමේ චෝදනාව මත ඩුබායි අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.