මඩකලපුව එරාවූර් මූලික රෝහලේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කෙරුණා. එම ව්‍යාපෘති සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 234 ක්.
එරාවූර් මූලික රෝහලේ සංවර්ධන ව්‍යාපෘති සදහා චීන රජය මූල්‍යාධාර ලබා දෙනවා. සංවර්ධන කටයුතු ආරම්භ කිරීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. මහල් 3 කින් සමන්විත ගොඩනැගිල්ලක් මේ යටතේ ඉදිකෙරෙනවා. නවීන තාක්ෂණික පහසුකම්වලින් යුතුව සියලු පහසුකම් එහි පිහිටුවීම සැලසුමයි. රෝගීන්ගේ නේවාසික පහසුකම්, ලේ බැංකු, පරික්ෂණ කටයුතු, ශල්‍යාගාර ඇතුලු පහසුකම් ද මෙම ව්‍යාපෘතිය යටතේ රෝහල වෙත ලබා දෙනවා. ෆයිසාල් කාසිම්, අලි සහීර් මව්ලානා යන රාජ්‍ය අමාත්‍යවරුන් මෙම අවස්ථාවට එක්වුණා.