උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණා.
යාපනය සිට මාතර දක්වා ගමන් කළ දුම්රියක් තඹුත්තේගම සහ සෙනරත්ගම අතර ප්රදේශයේදී පීලි පැනීමයි ඊට හේතුව. මාර්ගය යථා තත්ත්වයට පත්කිරිමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
දුම්රිය කිහිපයක් ප්රමාද විය හැකි බවයි පාලක මැදිරිය සඳහන් කළේ. යාල්දේවී සහ උත්තරදේවී දුම්රිය ද ඒ අතර වනවා.