උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව බණ්ඩාරවෙල අතර දුම්රිය හරස් මාර්ගයේදී ලොරි රථයක් දුම්රිය මාර්ගයේ ඇදී යාම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා.
ඔක්කකඩේ දුම්රිය හරස් මාර්ගයේදී මෙම ලොරිය දුම්රිය මාර්ගයේ මීටර 50ක් පමණ ඉදිරියට ඇදී ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් දුම්රිය ධාවනය තාවකාලිකව නතර කෙරුණා. දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට පැය 7 කට ආසන්න කාලයක් ගතවී තිබෙනවා. කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය කළ උඩරට මැණිකේ දුම්රිය පැය 6ක් පමණ මේ හේතුවෙන් ප්රමාද වූ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය කළ ලොරි රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ. ලොරි රථයේ රියදුරුට හා සහායකට කිසිදු හානියක් සිදුව නැති බව පොලීසිය ප්රකාශ කළා.