බංකොළොත් දේශපාලනඥයින් අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එම අසත්‍ය ප්‍රචාරවලට රජයේ ගමන වෙනස් කළ නොහැකි බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යලය සදහා ඉදිකළ නව ගොඩනැගිල්ල මහල් හතරකින් යුක්තයි. ඒ සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 748ක්. ජනතාවට කාර්යක්ෂම සේවයක් ලබා දීම වෙනුවෙන් සියලු පහසුකම් වලින් යුක්තව නව ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසු එහි නිරීක්ෂණ චාරිකාවකට ද එක්වුණා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
[ot-video type=”youtube” url=”https://youtu.be/-rlmHIPAm1Y”]
වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන් ද විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.