පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද(10) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි කි‍්‍රස්ටින් ලගාඩ් හමුවනවා. ඒ ඩුබායි හිදි.
පකිස්ථානයට අවශ්‍ය මූල්‍ය සහය ලබාගැනීම පිළිබද එහිදි සාකච්ඡා කෙරෙනු ඇති බවයි පකිස්ථාන වාර්තා සදහන් කරන්නෙ. පකිස්ථාන ආර්ථිකය මේ වන විට අර්බුද රැසකට මුහුණ දි තිබෙනවා. ඒ සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබා ගැනිමටයි අපේක්ෂා කෙරෙන්නෙ. එභෙත් ණය මුදල ලබාදීමේදි මුල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසි වලට ඉම්රාන් ඛාන් මෙතෙක් එකඟත්වය පළකර නැහැ. ලෝක රාජ්‍ය සමුළුවේ හත්වන සැසිවාරයට සහභාගිවීම සදහා පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ඩුබායි රාජ්‍යයට පිටත්ව ගොස් තිබෙනවා. එම සංචාරය අතරතුරදි ඔහු මූල්‍ය අරමුදලේ ප්‍රධානියා සමඟ සාකච්ඡා කිරිමටයි සැලසුම් කර තිබෙන්නෙ.