fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලි හොරුන් දෙදහසක් නීතියේ රැහැනට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 11:14

විදුලි හොරුන් දෙදහසක් නීතියේ රැහැනට

නීතිවිරෝධී ලෙස විදුලිය ලබා ගැනීම ඇතුළු විදුලි වංචාවන්ට සම්බන්ධ පුද්ගලයින් දෙදහසකට වැඩි පිරිසකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. එම වැටලීම්වලින් ලැබූ ආදායම රුපියල් මිලියන 130 ඉක්මවන බව විදුලි බල මණ්ඩලය පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය පසුගිය වසරේ කළ වැටලීම්වලදී විදුලි ජාවාරම්වලට සම්බන්ධ දෙදහස් පන්සිය විසි දෙදෙනෙකුට එරහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. විදුලි මීටර් වෙනස් කිරීම , නිති විරෝධී ලෙස විදුලිය ලබා ගැනීම ඇතුළු ජාවාරම්වලට මෙම පිරිස සම්බන්ධ බවයි එම ඒකකය සදහන් කරන්නේ. පවතින වියළි කාලගුණය සහ තෙල් මිල ඉහළ ගියද විදුලි සැපයුම අඛණ්ඩව ලබා දීමට රජය කටයුතු කළා. එවැනි පසුබිමක් යටතේ විදුලිය වංචාකරන මෙවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 11:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්