නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ විදෙස් දුම්වැටි තොගයක් සමඟ ශ්රී ලාංකිකයන් පස් දෙනෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැණුනා.
ඔවුන්ගේ ගමන් මලු තුළ විදෙස් දුම්වැටි කාටුන් තුන්සියකට අධික ප්රමාණයක් තිබු බව කටුනායක රේගුව සදහන් කරනවා. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ තිහකට අධිකයි. අවුරුදු 19 / 40 සහ 50 යන වයස්වල පසුවන සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙකුද වනවා. අත්අඩංගුවට පත් වුවන් අලුත්කඩේ සහ මීරිගම ප්රදේශවල පදිංචිකරුවන් බව රේගුව වැඩිදුරටත් සදහන් කරනවා.