fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිලිප් කුමරු සිය රියදුරු බලපත‍්‍රය පොලිසියට භාරදෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 09:37

පිලිප් කුමරු සිය රියදුරු බලපත‍්‍රය පොලිසියට භාරදෙයි

එංගලන්තයේ පිලිප් කුමරු ස්වේච්ඡාවෙන්ම සිය රියදුරු බලපත්‍රය නැවත භාර දී තිබෙනවා.

අනුහත් හැවිරිදි එඩිම්බරෝ ආදිපාදිවරයා ලෙස සැලකෙන පිලිප් කුමරු එලිසබත් මහරැජිණගේ ස්වාමිපුරුෂයායි. පසුගියදා ඔහු පැදවු මෝටර් රථය අනතුරට පත්විම හේතුවෙන් මෙසේ සිය රියදුරු බලපත්‍රය පොලිසිය වෙත භාර දිමටයි කටයුතු කළේ. ඔහු පැදවු රථය මාර්ගයේ ගමන් ගත් තවත් වාහනයක ගැටිමෙන් කාන්තාවක් තුවාල ලැබුවා. සිද්ධිය සම්බන්ධව එම කාන්තාවගෙන් සමාව අයදමින් ඔහු ලිපියක්ද යොමු කර ඇති අතර එහි අවසානය කිසිදු තනතුරක් නොමැතිව පිලිප් යනුවෙන් පමණක් අවසන් කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 09:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්