ශ්‍රී ලංකාවට අයත් නැගෙනහිර මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව පුල්මුඩේ , කොක්කුතුඩුවයි, ප්‍රදේශයට නැගෙනහිරින් වූ මුහුදු ප්‍ර දේශයේ නාවික හමුදාව සිදුකළ මුර සංචාරයකදී මෙම ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. එමෙන්ම මෙම ධීවරයින්ට අයත් යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස ශ්‍රී ලංකා නාවික තටාකාංගනය වෙත රැගෙන විත් වෛද්‍ය පරික්ෂණයට භාජනය කිරීමෙන් අනතුරුව නීතිමය කටයුතු සදහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට නියමිතයි.
මේ අතර නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික භට කණ්ඩායමක් සහ ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදුකළ සෝදිසි කිරීමකදී ජෙලට්නයිට් කූරු 54 ක් සහ අඩි 50ක් පමණ දිග ආරක්ෂිත වෙඩි නූලක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 36ක පුද්ගලයෙකු වන අතර ඉදිරි නීතිමය කටයුතු සදහා ඔහු ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකය වෙත භාර දීමට නියමිතයි.