fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් අටක් හොඳම පාසල් කිරිමේ ව්‍යාපෘති අද සිසු අයිතියට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 09:07

පාසල් අටක් හොඳම පාසල් කිරිමේ ව්‍යාපෘති අද සිසු අයිතියට

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ තවත් පාසල් අටක් අද සිසු අයිතියට පත් කෙරෙනවා. වාරියපොල අධ්‍යාපන කළාපයේ පාසල් අටක් ඊට අයත්.

ඒ අනුව කටුපොත ප‍්‍රාථමික විද්‍යාලය , පනාදරේ මහින්ද්‍යෝදය ප‍්‍රාථමික විද්‍යාලය, බමුණාකොටුව ඉසිපතන මහ විද්‍යාලය , මහකෙලිය මහ විද්‍යාලය , නාබඩවැව ප‍්‍රාථමික විද්‍යාලය, හේරත්ගම ප‍්‍රාථමික විද්‍යාලය , කොහොත්ත ප‍්‍රාථමික විද්‍යාලය සහ ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකෙරුණු පාසල් ගොඩනැගිලි සිසු අයිතියට පත් කිරීම අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා.

මේ අතර වයඹ විශ්වෝදා ජාතික පාසලේ වැඩකටයුතු ආරම්භ කිරිම ලබන බදාදා සිදුකෙරෙනවා.ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. පාසලේ ඉදිකිරීම් අදියර දෙකක් යටතේ සිදු කිරිමටයි සැලසුම් කර තිබෙන්නේ. කුරුණෑගල නගරයේ ජනප‍්‍රිය පාසල් අතර පවතින තදබදයට විසදුමක් ලෙස නව ජාතික පාසල ඉදිකරන බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2019 09:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්