fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාදුරු ඔයේ වැලි ගොඩදැමූ 17ක් පොලිස් දැලේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 16:01

මාදුරු ඔයේ වැලි ගොඩදැමූ 17ක් පොලිස් දැලේ

මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ මාදුරු ඔයෙහි නීති විරෝධිව වැලි ගොඩදමමින් සිටි 17දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහියංගනය කුකුලාපොල ගම්මානය ආශ්‍රිතව මාදුරු ඔයෙහි කලක පටන් මෙම නීති විරෝධි වැලි ජාවාරම කර ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. ජාතික වනෝද්‍යානයේ අලි වැටේ කම්බි පහත් කරමින් වනෝද්‍යානය තුළට ඇතුලු වන ජාවාරම්කරුවන් පරිසර හානි සිදු කරමින් වැලි ගොඩ දැමිම සිදු කරතිබෙනවා. මහියංගන පොලිසිය කල වැටලිමකදී වැලි ට්‍රැක්ටර් හතරක් සමග සැකකරුවන් 17 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමටයි පොලිසිය කටයුතු යොදා ඇත්තේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 16:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්