නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙල්ලමූන්දලම මුහුදු ප්රදේශයේ සිදුකළ මුර සංචාරයක් අතරතුර ඔවුන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ. ධීවර කටයුතු සදහා යොදාගත් ඩිංගි යාත්රාවක් සහ ධීවර ආම්පන්න කිහිපයක් අත්අඩංගුවට ගත්තා. ඔවුන් දෙදෙනා ඉදිරි පරික්ෂණ කටයුතු සදහා පුත්තලම ධීවර පරික්ෂක වෙත භාරදිමට කටයුතු කර තිබෙනවා.