බ්‍රසීලයේ රියෝද ජැනෙයිරෝ නුවර ප්ලෙමින්ගෝ පාපන්දු සමාජයේ ක්‍රීඩක නේවාසිකාගාරයේ ඇතිවු ගින්න පිලිබද තොරතුරු රැසක් හෙළිවුණා.
රථගාලක් සදහා අනුමැතිය ලැබූ ස්ථානයක මෙලෙස ක්‍රීඩක නේවාසිකාගාරයක් පවත්වාගෙන ගොස් ඇති බවයි බ්‍රසීල මාධ්‍ය ප්‍රකාශ කළේ. වායුසමීකරණ යන්ත්‍රයකින් ගින්න හටගෙන ඇති බවත්, තුවාල ලැබූ ක්‍රීඩකයෙක් කියා සිටියා. එම ගින්නෙන් පාපන්දු ක්‍රීඩකයන් දස දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණු අතර තුන් දෙනෙකු තුවාල ලැබුවා.