fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටේ සංවර්ධනයේ දී බෙදීම් අවශ්‍ය නැහැ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 11:56

රටේ සංවර්ධනයේ දී බෙදීම් අවශ්‍ය නැහැ

රටේ සංවර්ධන කාර්යයේදී  බේද පසෙකලා එකමුතුව ක්‍රියා කළ යුතු බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පළාත්පාලන ආයතන 93කට කසල කලමණාකරණය සදහා අවශ්‍ය රථවාහන බෙදා දීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව කියා සිටියා. ව්‍යාපෘති සදහා රුපියල් ලක්ෂ හත්දහස් තුන්සිය පනහක් වැය කර තිබෙනවා. තවත් රථවාහන 180ක් බෙදා දිමද මිට සමගාමිව සිදු කෙරුණේ ගාල්ල කෙටුවේදී. මේ අතර රුපියල් ලක්ෂ සියයක වියදමින් ඉදි කල නව පොදු ශරීර සුවතා මධ්‍යස්ථානයද අග්‍රමාත්‍යවරයා විවෘත කළා. ගාල්ල කොටුවේ එය ඉදි කර තිබෙනවා.

මේ අතර ගාල්ල නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකළ නව තෙමහල් ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විවෘත කළා. ඒ සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂ හයසිය විස්සක්.

නියාගම පුණ්‍යාරාම විහාරස්ථානයේ ඉදිකළ සුරක්ෂා මධ්‍යස්ථානය විවෘත කිරීම  සිදුවුණේ ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මෙම මධ්‍යස්ථානය ඉදි කිරීමට රුපියල් ලක්ෂ 60ක් වැය කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 11:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්