ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යහපත් සෞඛ්‍ය තත්වයකින් පසුවන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.
ඒ ධවල මන්දිර වෛද්‍ය ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය පී කොන්ලි කළ ප්‍රකාශයක් උපුටා දක්වමින්.
ඇමරිකා ජනාධිපතිවරයාගේ වාර්ෂික වෛද්‍ය වාර්තාවෙන් ඔහු ඉතා හොද සෞඛ්‍ය තත්වයක පසුවන බවටයි සනාථ කර තිබෙන්නේ.
පැය 4 ක කාලයක් වෛද්‍ය පරික්ෂණය සිදුකෙරුණා. මේවන විට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වයස අවුරුදු 72ක්.
ඔහුගේ යහපත් සෞඛ්‍ය තත්වයට දුම්පානය නොකිරීම ද හේතුවී ඇතැයි ධවල මන්දිර වෛද්‍යවරයා සදහන්කර තිබෙන්නේ.