fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තම සහෝදරිය මැතිවරණයට ඉදිරිපත්වීම තායි රජු හෙළාදකී

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 10:18

තම සහෝදරිය මැතිවරණයට ඉදිරිපත්වීම තායි රජු හෙළාදකී

මාර්තු මාසයේ පැවැත්වෙන තායිලන්ත මහ මැතිවරණයට සිය නැගෙණිය තරඟ වැදීම හෙළාදකින බව තායිලන්ත වජරලෝ්කෝන් රජු ප‍්‍රකාශ කළා.

එය ජාතියට හා සංස්කෘතියට සිදුකරන අපහාසයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

67 වන වියේ පසුවන රජුගේ සොහොයුරිය මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බව ප‍්‍රකාශ කර තිබෙනවා.

ඒ හිටපු අග‍්‍රාමාත්‍ය ටක්ෂීන් ෂිනවත‍්‍රාගේ සන්ධානයෙන්. කුමරියගේ තීරණය සම්බන්ධයෙන් විවේචන රැසක් මතුවුණා.

දේශපාලන කටයුතු සදහා ඍජුව මැදිහත් නොවීම එරට රාජකීයන්ගේ සම්ප‍්‍රදායයි.

මාර්තු 24 වනදා පැවැත්වෙන මැතිවරණයට ඇය ඉදිරිපත්වීම වැළැක්වීම සදහා වජිරලෝන්කෝන් රජු පියවර ගනු ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 10:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්