fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාස තුනක් ඇතුලත සෑම දිස්ති‍්‍රක්කයකටම වෘත්තිය මාර්ගෝපදේශන මධ්‍යස්ථාන

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 09:57

මාස තුනක් ඇතුලත සෑම දිස්ති‍්‍රක්කයකටම වෘත්තිය මාර්ගෝපදේශන මධ්‍යස්ථාන

ඉදිරි මාස තුන ඇතුලත වෘත්තිය මාර්ගෝපදේශන ආයතන සෑම දිස්ති‍්‍රක්කයකම විවෘත කිරිමට පියවර ගෙන තිබෙනවා.

එහි පළමු මධ්‍යස්ථානය ඊයේ විවෘත වුණේ ජනාධිපති මෛති‍්‍රපාල සිිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පොලොන්නරුවේ දී.

රට ගොඩනැගීමට ඇති ප‍්‍රබල අභියෝගයක් වන්නේ ආකල්පමය වෙනසකට සහ අවදානම් භාර ගැනීමට තරුණ පරපුර සූදානම් නොවීම බව එහිදි ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

එම අභියෝගය ජය ගැනීමට නව ව්‍යාපෘතිය මහඟු අත්වැලක් වනු ඇති බවයි මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා පෙන්වා දුන්නේ.

ශ්‍රී‍්‍ර ලංකා වෘත්තිය මාර්ගෝපදේශන ආයතනය ජනාධිපති කාර්යාලයේ ස්මාර්ට් ශ්‍රී‍්‍ර ලංකා ව්‍යාපෘතිය යටතේ කි‍්‍රයාත්මක කෙරෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 09:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්