fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ට‍්‍රම්ප් සහ උතුරු කොරියා නායකයා යළි හමුවෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 09:47

ට‍්‍රම්ප් සහ උතුරු කොරියා නායකයා යළි හමුවෙයි

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර විශේෂ හමුවක් මේ මස 27 සහ 28 දිනවල පැවැත්වෙනවා. ඒ වියට්නාමයේදී.

ඇමරිකා නියෝජිතයන් පිරිසක් උතුරු කොරියාවට පැමිණ සාකච්ඡා සම්බන්ධයෙන් අවශ්‍ය සැලසුම් සකස් කළ බවයි විදෙස් වාර්තා පවසන්නේ.

උතුරු කොරියා නායකයා ද හැනෝයි හිදී හමුවීම සිදුවන බවට සනාථ කර තිබෙනවා. මීට පෙර වූ ඩැන් නන් නගරයේ සාකච්ඡාව පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ. එභෙත් උතුරු කොරියාව ඊට අකමැත්ත පළකළා.

හැනෝයි නගරයේ තානාපති කාර්යාලයක් පිහිටා ඇති බැවින් ඊට උතුරු කොරියාව එකඟතාව පළකර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 9, 2019 09:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්