බංගලිදේශ කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය සදහා ෂාෆීඋල් ඉස්ලාම් බංගලිදේශ සංචිතයට කැදවා තිබෙනවා.
ඒ සංචිතය සදහා නම්කර සිටි ටස්කින් අහමඩ් ආබාධයකට ලක්වීම හේතුවෙන්. බංගලිදේශ ප්රිමියර් ලීග් තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ෂාෆීඋල් ඉස්ලාම් සංචිතයට කැදවූ බවයි එරට ක්රිකට් බලධාරීන් සදහන් කළේ. ඔහු වසර දෙකකට පසු ජාතික සංචිතයටකැදවීම විශේෂත්වයක්. බංගලිදේශය සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරගාවලිය ලබන 13 වනදා ඇරඹෙනවා.