fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මධුෂ්ගේ ගෝල ජංගාගේ නිවසින් අවි හා හමුදා ඇදුම්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 17:36

මධුෂ්ගේ ගෝල ජංගාගේ නිවසින් අවි හා හමුදා ඇදුම්

මාකදුරේ මදුෂ් සමග ඩුබායි හි දී පොලිස් අත්අඩංගුවට පත් පාතාල සාමාජික අනුෂ්ක කවිසාල් හෙවත් ජංගාගේ නිවසින් යුද හමුදා ඇදුම් හා පතොරොම් තොගයක් සොයා ගැනුණා.

මාකදුරේ මදුෂ් සමග ඩුබායි හි දී කොටු වූ තුඹේහේවාදුරගේ අනුෂ්ක කවිසාල් හෙවත් ජංගාගේ දික්වැල්ල තලල්ල නිවස පරීක්ෂාවට ලක් කෙරුණා. එහිදී යුද හමුදා ඇදුම් කට්ටල නවයක්, කැලෑ ඇදුම් කට්ටල තුනක්, ටී 56 ගිනි අවි සදහා යොදන ජීව උණ්ඩ 32 ක් සරඹ පතොරොම් 11 ක් හා හිස් පතොරොම් කොපු 37 ක් සොයා ගැනුණා. ජංගාගේ බාප්පා වන 64 හැවිරිදි පුද්ගලයෙකුද දික්වැල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර මාකදුරේ මදුෂ් සමග ඩුබායිහි දී අත්අඩංගුවට පත් පිරිස රුධිර පරීක්ෂාවට යොමු කර තිබෙනවා. එහිදී මත්ද්‍රව්‍ය ශරීරගත නොවූ බව තහවුරු වූ පුද්ගලයින් අට දෙනෙකු නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ. සෙසු පිරිසගේ රුධිර පරීක්ෂාවන් ඉදිරි දින දෙක තුළ සම්පූර්ණයෙන්ම අවසන් කෙරෙනු ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

මේ අතර අද (08) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේ මාකදුරේ මදුෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සිදුවූයේ මාස ගණනාවක සිට කෙරුණු සැලසුම් සහගත මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසින් බවයි.

මේ අතර අද (08) පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා කියා සිටියේ මාකදුරේ මදුෂ් සමග අත්අඩංගුවට පත් පිරිස අතර රාජ්‍ය තාන්ත්‍රික හැදුනුම්පතක් ඇති අයෙකු නොමැති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 17:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්