fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රට ගොඩනැගීමට ආකල්පමය වෙනසක් අවශ්‍ය බව ජනපති කියයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 18:54

රට ගොඩනැගීමට ආකල්පමය වෙනසක් අවශ්‍ය බව ජනපති කියයි

රට ගොඩනැගීමට ආකල්පමය වෙනසක් අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.

එමෙන්ම අවදානම් හා අභියෝගවලට බිය නැති තරුණ පිරිසක් නිර්මාණය කරගත යුතු බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.

ස්මාර්ට් ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව කියාසිටියා.

පොළොන්නරුව නව නගරයේ ඉදිකෙරුණු ස්මාර්ට් ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතනයේ පළමු වන මධ්‍යස්ථානය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතින්.

තාරුණ්‍යයේ අනාගත දොරටුව යන තේමාව යටතේ පැවති උත්සවය අමතමින් ජනාධිපතිතුමා කියාසිටියේ තමන් සිදු කරන දෙයින් තෘප්තිමත් විය යුතු බවයි.

මැතිඇමතිවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 18:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්