ලොව විශාලතම මගී ගුවන් යානා වර්ගය වන ඒ 380 ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපලට හදිසියේ ගොඩබස්වා තිබෙනවා.
ඒ් යානයේ ගමන් කළ රුමේනියා ජාතිකයෙකුට හදිසි හෘදයාබාධයක් වැළඳිම හේතුවෙන්. යානය අබුඩාබි සිට ඔස්ටේ්රලියාවේ සිඩ්නි බලා පියසර කරමින් තිබූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. කාර්ය මන්ඩලය ඇතුළු එහි මගින් සංඛ්‍යාව 464 ක්. ගුවන් යානයේ රුපියල් අනු හත් ලක්ෂයක ඉන්ධන කටුනායක ගුවන් තොටුපලින් ලබාගෙන තිබෙනවා. ගොඩබැස්වීමේදි ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් යළි ගුවන් ගත කිරිම අවලංගු කොට මගින් ගුවන් තොටුපල ආසන්න සංචාරක හෝටල් වලට යොමුකර ඇති බවයි අප වාර්තාකරු පවසන්නෙ.