Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ගැන නෝර්වේ රාජ්‍ය සතුට පළකරයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 11:16

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ගැන නෝර්වේ රාජ්‍ය සතුට පළකරයි

නොබෙදුනු රාජ්‍යයක් බිහි කිරිම තම ඒකායන බලාපොරොත්තුව බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා පවසනවා.

උතුරු පළාතේ ආගමික සහජීවනය ගොඩනැගීම මෙන්ම උතුරේත් , දකුණේත් ආගමික සංහිදියාව ගොඩනැගීම සදහා ලබන මාසයේ සර්ව ආගමික සමුළුවක් වව්නියාවේදී පවත්වන බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා පවසනවා. පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර නායක ස්වාමීන් වහන්සේ හමුවූ අවස්ථාවේදීයි ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළේ.

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන්,

මේ අතර ශ්‍රී ලංකාවේ වර්ථමාන ආර්ථික, සමාජ හා දේශපාලන තත්ත්වය පිළිබද සතුටට පත්වන බවත් මෙරටට දිය හැකි උපරිම සහයෝගය ලබා දෙනබවත් ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති ත්‍රොබෝ ගුස්ට්ටෙස්ඩර්න් මහතා පවසනවා. ඒ උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා හමුවූ අවස්ථාවේදීයි. උතුරු පළාතේ ජනතාවගේ ආර්ථික තත්ත්වය නැංවීම හා ඔවුන්ගේ ජන ජීවිතය ගොඩ නැංවීම උදෙසා රාජ්‍ය පූර්ණ සහාය ලබා දෙන බවයි නෝර්වේ තානාපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 11:16
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්