Life+News The Official News Portal of Independent Television Network Ltd

තායිලන්ත රජුගේ වැඩිමහල් සොහොයුරිය අග‍්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් තරඟවැදීමට සූදානම්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 10:01

තායිලන්ත රජුගේ වැඩිමහල් සොහොයුරිය අග‍්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් තරඟවැදීමට සූදානම්

තායිලන්තයේ වජිරලෝන්කෝන් රජුගේ වැඩිමහල් සොහොයුරිය දේශපාලනයට පිවිස තිබෙනවා. ඇය ඉදිරි අග‍්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් තරඟ වැදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

67 හැවිරිදි ඇය බලයෙන් පහකළ අග‍්‍රාමාත්‍ය තක්ෂීන් ෂිනවත‍්‍රාට පක්ෂපාතී පක්ෂයකට සම්බන්ධ වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ. රාජකීය පවුල දේශපාලනයෙන් ඉවත්ව සිටීම තායිලන්ත සාම්ප‍්‍රදායයි. එහෙත් රජුගේ වැඩිමහල් සොහොයුරිය මෙලෙස අග‍්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් තරඟවැදීම ආන්ද්‍යෝලනයට තුඩුදී ඇති කරුණක්. තායිලන්ත මහ මැතිවරණය ලබන 24 වෙනිදා පැවැත්වෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 10:01
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්