fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොකේන් සහ කේරල ගංජා සමඟ ඉන්දියානුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 09:01

කොකේන් සහ කේරල ගංජා සමඟ ඉන්දියානුවෙකු අත්අඩංගුවට

කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑමයකට අධික ප්‍රමාණයක් සහ කේරල ගංජා කිලෝග්‍රෑම් 400ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොකේන් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 5ක් සමග ඉන්දීය ජාතිකයෙකුයි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

ඒ ඉන්දියාවේ මුම්බායි සිට මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේදී කටුනායක ගුවන් තොටුපොලේදීයි.

ඒවායේ වටිනාකම රුපියල් එක්කොටි පනස් ලක්ෂයකට අධිකයි. සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර කේරල ගංජා කිලෝග්‍රෑම් 400ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන්ට හැකිවුණා.

පෑලියගොඩ ප්‍රදේශයේ දී වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 8, 2019 09:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්