එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන තුළින් වතුකරයේ තරුණයින්ට අපනයන අවස්ථා සහ කෘෂි නිෂ්පාදන දියුණුකර ගැනීමට ඉඩකඩ සළසා දෙන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. වතුකරය සදහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය පිහිටුවීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
වතුකරය සදහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය පිහිටුවීමේ සමාරම්භක උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. වැවිලි කර්මාන්තයට සම්බන්ධ ප්‍රජාවට ජාතික සංවර්ධන ක්‍රියාවලියට දායක වියහැකි පරිදි සවිබල ගැන්වීම මෙම අධිකාරිය මගින් සිදුවනු ඇති. අමාත්‍යවරුන් වන පලනි දිගම්බරම්, මනෝගනේෂන්,වී රාධා ක්‍රිෂ්නන් යන අමාත්‍යවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
අමාත්‍ය මංගල සමරවීර,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=pq9_776vCI8&feature=youtu.be&fbclid=IwAR1c4eM-8M0kblo1eKjAl8UIQNUdIXLCT-knPsi8CQKs0v3AM_cFC-WPdbs”]