කළුතර ප්රාදේශීය සභාවේ හිටපු සභාපතිට වසර පහක සිර දඬුවම්
Related Articles
කලුතර ප්රාදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරනට වසර පහක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කර තිබෙනවා.
ඒ ඉඩම් වෙන්දේසි සමාගමකින් රුපියල් ලක්ෂ තිහක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවක් හේතුවෙන්. කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නඩුවේ තීන්දුව අද (07) ප්රකාශයට පත්කළා. වසර පහක සිර දඩුවමට අමතරව අල්ලස් ලෙස ලබාගත් රුපියල් තිස් ලක්ෂයක මුදල දඩයක් ලෙස ගෙවන්නැයි ද කොළඹ මහාධිකරණ විනිසුරුවරයා වරදකරුට නියමකර තිබෙනවා. එය නොගෙවන්නේනම් තවත් වසර දෙකක සිර දඩුවමක් නියම කරන බවයි විනිසුරුවරයා සදහන් කළේ.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment