fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාමිණී සෙනරත්ට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම කල්යයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 16:47

ගාමිණී සෙනරත්ට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම කල්යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ඇතුළු 4 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන මස  12 වනදාට කල්තැබීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළා.

පැමිණිලි පාර්ශ්වයේ සාක්ෂිකරුවෙකු වන පොලිස් මූලික අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම අද (07) අවසන් කෙරුණා. මෙම නඩුව සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වය ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර නඩුව විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මීට පෙර නියෝග කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 16:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්