ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ වැඩ බලන අධ්යක්ෂ ජෙනරාල් හා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ ලුතිනන් කර්නල් සුදත් මඩුගල්ලේ මහතා අභාවප්‍රාප්ත වුණා.
ඒ මහතා ලෝක බෞද්ධ සංගමයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ලෙසද කටයුතු කළා. ස්වාධීන රූපවාහිනිය ක්‍රියාත්මක කළ ජීවිතේ අපි අතේ, හැදෙන රටක වැඩෙන ළමයි ඇතුළු සමාජ සත්කාර වැඩසටහන් රැසකට ඒ මහතා සිය දායකත්වය ලබා දුන්නා. එමෙන්ම මඩුගල්ලේ මහතා දක්ෂ මළල ක්‍රීඩකයෙකු ද වනවා. ඒ මහතාගේ දේහය අද (07) රාත්‍රියේ කළුබෝවිල ඉන්ද්‍රා පටුමගේ පිහිටි නිවසේ තැන්පත් කිරීමට නියමිතයි. අභාවප්‍රාප්ත සුදත් මඩුගල්ලේ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අනිද්දා (09) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරෙනවා.