Life+News The Official News Portal of Independent Television Network Ltd

අධ්‍යාපන ක්ෂේත්‍රයේ තවත් පෙරළියක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 16:14

අධ්‍යාපන ක්ෂේත්‍රයේ තවත් පෙරළියක්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පාසලක සමස්ත ශ්‍රේණියක් සුහුරු පන්ති කාමර බවට පත් කිරිම අද සිදු කෙරුණා. ඒ කැබිනට් නොවන  අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

සමස්ත ශ්‍රේණියක් සුහුරු පන්ති කාමර බවට පත් කිරිමේ වැඩපිලිවෙල ආරම්භ කෙරුණේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිරිමි විද්‍යාලයේදි. අටවන වසර සියලුම පන්ති කාමර මෙහිදී සුහුරු පන්ති කාමර බවට පත් කෙරුණා. සුහුරු පන්ති කාමරය පළමු වරට හදුන්වා දීම 2017 වසරේදී  සිදු කෙරුණේ හර්ෂ ද සිල්වා මහතාගේ මග පෙන්විම යටතේයි. අධ්‍යාපන අමාත්‍යාංශයට සහයෝගය ඇතිව පන්ති කාමර 05 ක් ඇතුලත්ව සුහුරු පන්ති කාමර සංකීර්ණය පිහිටුවනු ලැබුවා. සිසුන් 160 දෙනෙකුට ටැබ් පරිගණක භාවිත කරමින් අධ්‍යයන කටයුතු සිදු කිරීමට මෙමගින් අවස්ථාව උදාවනවා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 16:14
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්