Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැතිගෙන් ලතීෆ්ට ප්‍රශංසා

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 15:51

අගමැතිගෙන් ලතීෆ්ට ප්‍රශංසා

මත්ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත අපරාධ මැඩලීම උදෙසා විශේෂ කාර්ය බලකාය සිදුකරන මෙහෙවර අගය කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතා වෙත සිය ප්‍රසාදය පළකර සිටිනවා. ඒ, ලතීෆ් මහතා වෙත මේ පිළිබද ප්‍රශංසාත්මක ලිපියක් යොමු කරමිනුයි.

මත්ද්‍රව්‍ය උවදුර සහ මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ රටින් තුරන් කිරීම වෙනුවෙන් සිදුකරන සහ එම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලදී නොබෝදා විශේෂ කාර්ය බලකාය අත්කරගත් විශිෂ්ට ජයග්‍රහණ පැසසුම් සහගත බව අග්‍රාමාත්‍යවරයා පවසනවා. මෙහිලා විශේෂ කාර්ය බලකායේ නිර්භීත ක්‍රියා කලාපය තමන් ඉතා අගය කරන අතරම එවැනි කාර්යශූර නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුවට මහත් සම්පතක් බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරන්නේ.  නොබෝදා සිදුකරන ලද මෙහෙයුම්වලට දායක වූ සියලුම විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට තම ප්‍රශංසාව පලකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතා වෙත අග්‍රාමාත්‍යවරයා යැවූ ලිපියේ අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සදහන් කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 15:51
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්