fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙලේ සුදාගේ අභියාචනා පෙත්සමේ වැඩිදුර විභාගයට දින නියම වෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 15:14

වෙලේ සුදාගේ අභියාචනා පෙත්සමේ වැඩිදුර විභාගයට දින නියම වෙයි

මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදා නැමැත්තාට එරෙහිව ලබා දී ඇති මරණ දඩුවම අභියෝගයට ලක් කරමින් ගොනු කළ අභියාචනා පෙත්සම වැඩිදුර විභාගයට අභියාචනාධිකරණය දින නියම කළා. ඒ ලබන 15 වනදාටයි.

2008 වර්ෂයේ ගල්කිස්ස ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 7.05 ප්‍රමාණයක් සන්තකයේ තබා ජාවාරම් කිරිමේ චෝදනාව සම්න්ධයෙන් ගම්පොල විදානගේ සමන් කුමාර නොහොත් වෙලේ සුදා නැමැත්තාට කොළඹ මහාධිකරණය මරණ දණ්ඩනය  නියම කළා. එම අධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ඔහු ගොනු කළ අභියාචනා පෙත්සම අද දින විභාගයට ගැනුණා. ඒ අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසූරිය සහ විනිසුරු අචල වෙන්ගප්පුලි යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ. ඒ අනුව අභියාචනා පෙත්සම ලබන  15වනදා වැඩිදුර විභාගයට ගැනිමට අභියාචනාධිකරණය නියෝග කළා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 15:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්