ජාතික මලල ක්‍රීඩා සංචිතය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේ තරගාවලියක් පැවැත්වීමට ජාතික මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබෙනවා.
මෙම තේරීම් තරගාවලියේදී ඉසව් 36 ක් පැවැත්වීමට නියමිතයි. එහිදී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලි සදහා තෝරා ගනු ඇති. ආසියා මලල ක්‍රීඩා තරගාවලිය ලබන අප්‍රේල් මස 21 වැනිදා කටාර් හිදී ආරම්භවීමට නියමිතයි. එම තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමිවන අවසන් අවස්ථාවද මෙයයි. ජාතික මලල ක්‍රීඩා සංචිතය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේ තරගාවලිය ලබන 22 හා 24 යන දිනවල කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි.