බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලාද සිල්වාට යළි වසර12 ක සහ මාස 11 ක සිර දඩුවමක් ලබාදීමට බ්‍රසීල අධිකරණය නියෝග කර තිබෙනවා.
73 හැවිදි ලූලාද සිල්වා මේ වන විටත් වසර 12 ක් සදහා පසුගිය අප්‍රේල් මාසයේ සිට සිර දඩුවම් ලබමින් සිටිනවා. ඒ දූෂණ චෝදනාවක් හේතුවෙන්. මෙවරද දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු කරමින් බ්‍රසීල හිටපු ජනාධිපතිවරයාට මෙම සිරදඩුවම ලබාදි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයා මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා.