fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සියලුම කුඹුරු ඉඩම් කඩිනමින් පරිගණක සිතියම් ගත කිරීමට උපදෙස්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 11:13

සියලුම කුඹුරු ඉඩම් කඩිනමින් පරිගණක සිතියම් ගත කිරීමට උපදෙස්

මෙරට සියලුම කුඹුරු ඉඩම් කඩිනමින් පරිගණක සිතියම් ගත කිරීමට අමාත්‍ය පී. හැරිසන් මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

අමාත්‍ය පී හැරිසන් මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේතන්තුවේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා  එක් වුණා. ගොවිජන සේවා මධ්‍යස්ථානවල පවතින කුඹුරු නාමලේඛණ නිවැරදි සංඛ්‍යා ලේඛණ දත්තවලින්  තොරවීම හේතුවෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විවිධ ගැටළුලට මුහුණ පා සිටින බව එහිදී නිලධාරීන් පෙන්වා දුන්නා. ඉන් අනතුරුවයි මෙරට සියලු කුඹුරු ඉඩම් පරිගණක සිතියම් ගත කරන ලෙස  අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ. ගම්පහ යාපනය   හා මාතලේ දිස්ත්‍රික්කවල මේ වන විටත් කුඹුරු ඉඩම් සිතියම් ගත කොට පරිගණක  දත්තවලට  ඇතුළත් කර තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 11:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්