fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ද.අප්‍රිකා සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට එක්වන ක්‍රීඩකයින් දිවයිනෙන් පිටත්වයයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 10:17

ද.අප්‍රිකා සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට එක්වන ක්‍රීඩකයින් දිවයිනෙන් පිටත්වයයි

දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට එක්වන ක්‍රීඩකයින් 04 දෙනෙකු අද උදෑසන  ගියා. අනික් ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියාවේ සිට දකුණු අප්‍රිකාවට මේ වන විටත් පැමිණ අවසන්.

ශ්‍රී ලංකා දකුනු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 13 වනදා ආරම්භ වනවා. ඊට නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් මිලින්ද  සිරිවර්ධන , කෞෂාල් සිල්වා  , ඕෂධ ප්‍රනාන්දු  හා මොහොමඩ් ෂිරාස් අද දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඇන්ජලෝ පෙරේරා හා ලසිත් ඇඹුල්දෙණිය ඉදිරියේදී ජාතික කණ්ඩායම හා එක්වනු ඇති.

මේ අතර පෞද්ගලික හේතු දක්වමින් ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අතරතුර තාවකාලිකව ඉවත් වූ පිතිකරණ පුහුණුකරු ජෝන් ලුවිස් මහතා දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පිතිකරණ  පුහුණුකරු ලෙස යළි එක් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  නිවේදනය කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 10:17

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්