fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉස්තාන්බුල් නුවර ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 10:03

ඉස්තාන්බුල් නුවර ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මහල් අටකින් යුත් නිවාස සංකීර්ණයකුයි මෙලෙස කඩා වැටී තිබෙන්නේ. ඉන් පුද්ගලයින් හයදෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සදහන්. ගොඩනැගිල්ල කඩාවැටීමට හේතුව මෙතෙක් හෙළි වී නැහැ.

ඉස්තාන්බුල් ආණ්ඩුකාරවරයා සදහන් කරන්නේ මෙය අනවසරයෙන් ඉදිකළ ගොඩනැගිල්ලක් බවයි. එහි නිවාස 14 ක් පමණ තිබූ බව ද ආණ්ඩුකාරවරයා සදහන් කරනවා. මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන අතර මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව මෙහෙයුම් අංශ සදහන් කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2019 10:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo