ත්‍රිකුණාමලය එරක්කන්ඩි වෙරළ තීරයේ කළ සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. නාවික හමුදාව මෙම මෙහෙයුම සිදු කළා.
නැගෙනහිර නාවික විදානයට අයත් නාවික හමුදා සාමාජිකයින් පිරිසකුයි මෙහෙයුම සිදු කළේ. එහිදී විදුලි නොවන ඩෙටනේටර් 14 ක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගත්තා. එම ද්‍රව්‍ය ත්‍රිකුණාමල පොලීසිය වෙත භාර දීමටයි නාවික හමුදාව පියවර ගත්තේ. කෝකිලායි ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පීඩන බෝම්බයක් සොයා ගත් අතර එය නිෂ්ක්‍රීය කිරීමට නාවික හමුදාව කටයුතු කළා.