ගෙවුම් කාඩ්පත් හා ඒ.ටී.එම්. යන්ත්ර ගනුදෙනුවලදී සැලකිලිමත් වන ලෙස ශ්රී ලංකා මහබැංකුව දැනුම් දෙනවා.
ඒටීඑම් කාඩ්පත් හා කාඩ්පත් කියවීමේ යන්ත්ර භාවිත කර ගනුදෙනුකරුවන්ගේ ගිණුම් වලින් මුදල් සොරා ගන්නා සිදුවීම් රැසක් වාර්තා වුණා. ඒ හේතුවෙන් ශ්රී ලංකා මහබැංකුව විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ඒ අනුව ඊඑම්වී තාක්ෂණය සහිත ගෙවුම් කාඩ්පත් භාවිත කරන ලෙස මහබැංකුව ගනුදෙණුකරුවන්ට දැනුම් දෙනවා. භාවිත කරන කාඩ්පතේ ඊඑම්වී තාක්ෂණය නොමැති නම් එම තාක්ෂණයෙන් යුත් නව කාඩ්පතක් නිකුත් කරන ලෙස ගනුදෙණුකරුවාට අදාළ බැංකුවෙන් ඉල්ලා සිටිය හැකියි.