Life+News The Official News Portal of Independent Television Network Ltd

මදුෂ් ගැන තීරණය සාකච්ඡා මට්ටමේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2019 17:20

මදුෂ් ගැන තීරණය සාකච්ඡා මට්ටමේ

ඩුබායි රාජ්‍යයේදී අත්අංගුවට ගත් මාකදුරේ මදුෂ් නැමැති අපරාධ කල්ලි නායකයා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියා මාර්ග පිලිබද සාකච්ඡා පැවැත්වෙන බව පොලිස් මූලස්ථානය පවසනවා. මදුෂ් සමග තවත් 25 දෙනෙකු අත්අඩංගුවට ගැනුනා.

මාකඳුරේ මධුෂ් ඇතුළු මෙම පිරිස ඊයේ දිනයේදී අත්අඩංගුවට ගැනුනේ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟයි. මෙහිදි අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයකු අතර රාජතාන්ත්‍රික ගුවන් බලපත්‍ර හිමි අයෙකුද සිටින බවට වාර්තා වනවා. මාකදුරේ මදූෂ් ඇතුළු අත්අඩංගුවට ගත් පිරිස මෙරටට ගෙන්වීම ඇතුළු ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව මේ වන විටත් සාකච්ඡා පැවැත්වෙනවා. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය ඩුබායි රාජ්‍ය සමග මෙම රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර ඇති බවයි පොලිස් මූලස්ථානය සදහන් කරන්නේ.

මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සදහා ශ්‍රී ලංකාවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායමක්ද සහභාගී වූ බව වාර්තා වනවා. මධූෂ් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනීම හේතුවෙන් බල පැවැත්වන්නේ ඩුබායි රාජ්‍යයේ නීතියද නැතහොත් ශ්‍රී ලංකාවේ නීතියද යන්න පිලිබද මේ වන විටත් සංවාදයක් ගොඩනැගී තිබෙනවා.  මදුෂ් මෙරට ආරක්ෂක අංශ භාරයට ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඩුබායි රාජ්‍යයේ බලධාරීන් සමග සාකච්ඡා කරන බව රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසුවා. මදූෂ් ඇතුළු මෙවැනි අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ ආරක්ෂක අංශවලට සිය රාජකාරි ඉටු කිරීමට හැකි පරිදි රජය නිදහස් පරිසරයක් ගොඩනැගීම හේතුවෙන් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ප්‍රකාශ කලේ. මදුෂ් මෙරටට ගෙන්වා ප්‍රශ්න කර සියලු තොරුතුරු රටට හෙලි කළ යුතු බව දූෂණ විරෝධී පෙරමුණේ නාමල් කුමාර අද මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කළා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2019 17:20
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්