fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකා, උතුරු කොරියා නායක දෙවන හමුවට දින නියම වෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2019 16:10

ඇමෙරිකා, උතුරු කොරියා නායක දෙවන හමුවට දින නියම වෙයි

ලෝකයේම අවධානය යොමු වූ ඇමෙරිකා,  උතුරු කොරියා නායක දෙවන හමුව පැවැත්වෙන දිනය සහ ස්ථානය අද ප්‍රකාශයට පත්වුණා.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොංග්‍රස් මණ්ඩලයේ වාර්ෂික සමුළුවේදී මේ සම්බන්ධයෙන් නිවේදනය කළා. ඒ අනුව දෙවන වටයේ සාකච්ඡා ලබන 27, 28 යන දිනයන්හිදී වියට්නාමයේදී පැවැත්වෙනු ඇති. දෙවන වටයේ සාකච්ඡාවලදී උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබද වැඩිදුරටත් සාකච්ඡා කරනු ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙනවා. එම සාකච්ඡාවලට පෙර සූදානමක් ලෙස උතුරු කොරියාවේ ඇමෙරිකා නියෝජිතයෙකු වන ස්ටෙෆන් බීගන්, පියොංයැං නගරයට ගොස් සිටිනවා. ඇමෙරිකා ජනාධිපතිවරයා සහ උතුරු කොරියා නායකයා අතර පළමු වටයේ සාකච්ඡා පසුගිය වසරේ ජූනි මාසයේ දී පැවැත්වුණා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2019 16:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්