අරුම පුදුම මුහුදු ජීවීන්…
Related Articles
සත්ව ලෝකය පුදුමාකාරයි..සත්ව ලෝකය තුළ විවිධාකාර විශේෂතා සහිත සත්ව කොට්ඨාස දැකගන්න පුළුවන්..ගොඩබිම සත්ව ලෝකය වගේම ජලජ සත්ව ලෝකයත් අතිශය පුදුමාකාරයි..ජලජ සත්ව ජීවීන් අතර මුහුදේ වෙසෙන ජීවී කොට්ටාස ගැන කතා කළොත් විශාලතම සත්ව විවිධත්වයක් තිබෙන්නේ මුහුදු ජලජ ජීවීන් අතරයි…
එවැනි විශාලතම සත්ව විවිධත්වය අතරින් අද අපි කතා කරන්නේ ස්පොටඩ් හෑන්ඩ්ෆිෂ් (Spotted handfish) නැමති මත්සයෙක් පිලිබඳවයි.. මෙම මත්ස විශේෂය ඔස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රදේශයේ ඉතා කුඩා මුහුදු සීමාවක පමණක් දැකිය හැකි දුර්ලභ මත්ස්‍ය විශේෂයක්. ස්පොටඩ් හෑන්ඩ්ෆිෂ් (Spotted handfish) මත්සයාගේ ඇති විශේෂත්වය වන්නේ එම මත්සයා මුහුදු පතුල තුළ ඇවිදීමයි..එම හේතුව නිසාම මෙම මත්සයා “ඇවිදින මාළුවා” ලෙසටත් හඳුන්වනවා..මෙම මත්සයා විවිධ වර්ණවලින්ද ජීවත්වන බවට හදුනාගෙන තිබෙනවා.. කෙසේ නමුත් මෙම මත්සයා වඳවී යන සත්ව කොට්ඨාසය අයත් මත්සයෙක් ලෙසයි සලකන්නේ…
ස්පොටඩ් හෑන්ඩ්ෆිෂ් නම් මෙම සුවිශේෂී මත්ස්‍යයාගේ නිජ බිම ටස්මේනියාව වන අතර, ඔවුන් හමු වී ඇත්තේ, ටස්මේනියානු මුහුදේ ස්ථාන 9කින් පමණයි. එම මත්ස්‍ය විශේෂය සාමාන්‍ය මාළුන්ට වඩා වෙනස් වන්නේ, පිහිනීමට වඩා මුහුදු පතුලේ ඇවිද යාමට ද ඔවුන් කැමැත්තක් දක්වන හෙයිනි. ඇවිදීමටත් වඩා ඔවුන් කැමැත්තක් දක්වන්නේ, මුහුදු පතුලේ හිඳගෙන සිටීමටය.මෙම මත්ස්‍යයින් හොඳින් වැඩුණු පසු සෙන්ටිමීටර් 12ක් පමණ දිගින් යුක්තයිි.
කලකට ඉහත මෙම මත්ස්‍ය විශේෂය සුලභව පැවතිය ද, 80 දශකය අග භාගය සහ 90 දශකයේ මුල් භාගය අතර කාල සීමාවේ ඔවුන් වාසය කළ පරිසර පද්ධතිවලට සිදුවූ බලපෑම් හේතුවෙන් එම මතස්යගහනය අවම වූ බවයි පර්යේෂකයන් පවසන්නේ..
“කුකුළා පක්ෂියෙක් වුණාට එයාට පියාඹන්න පුළුවන් ටික දුරයිනේ. ඒ වගේ ම තමයි හෑන්ඩ්ෆිෂ්. එයා මාළුවෙක් වුණාට පීනන්නෙ ටිකයි” ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය ටිම් ලින්ච් මහතා මෙම මත්සයා ගැන අදහස් දක්වන්නේ එහෙමයි…
“මේ මාළුන් ආරක්ෂා කරගැනීමේ එක් උත්සහයක් වශයෙන් අපි ඔවුන් කිහිප දෙනෙක් අල්ලාගෙන ඇවිත් පැටව් බෝ කරන්න තීරණය කළා. අපි ස්ථාන නවයකට ගිහින් වැඩිහිටි මාළු කිහිප දෙනෙක් රැගෙන ආවා. අපිව පුදුම කරමින් ඔවුන් බිත්තර දැම්මා. ඒ බිත්තරවලින් පැටව් 70 දෙනෙක් බිහි වුණා”යනුවෙනුයි ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය ටිම් ලින්ච් මහතා ඇතුළු පිරිස පවසන්නේ…
කෙසේ නමුත් මෙම මත්සයන් සංරක්ෂණ කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බවයි ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය ටිම් ලින්ච් මහතා මාධ්‍යට පවසා තිබෙන්නේ…