fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රේගුවේ වංචා හා දූෂණ සිදුවූයේදැයි සොයන්න අමාත්‍ය මණ්ඩල කමිටුවක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2019 11:20

රේගුවේ වංචා හා දූෂණ සිදුවූයේදැයි සොයන්න අමාත්‍ය මණ්ඩල කමිටුවක්

රේගු වෘත්තීය ක්‍රියාමාර්ගය නිමාවට පත්වීමත් සමග රේගුවේ සිර වී තිබූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහාලුම් කඩිනමින් නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

පසුගිය දින 06 තුළ රේගු සේවයකයින් අකුරට වැඩ  කිරීම හේතුවෙන් බහාලුම් 7000 කට අධික ප්‍රමාණයක් සිරවී ඇති බව වාර්තා වනවා.  මෙම බහාලුම් සියල්ල කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන බවයි රේගුව සදහන් කරන්නේ. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් සිදු වූ පාඩුව රුපියල් බිලියන 12 කට අධිකයි. එම මුදල් කඩිනමින් රජයට අයකර දීමට කටයුතු කරන බව ද රේගු වෘත්තීය සංගම් පවසනවා. මේ අතර ඔරුගොඩවත්ත බහාලුම් පර්යන්තයේ වැඩ කටයුතුද ආරම්භ කර තිබෙනවා. වර්ජනය හේතුවෙන් ඇණ හිට තිබූ පිටකොටුව තොග වෙළෙද සංගම්වල වැඩකටයුතු  ද සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා.

රේගුවේ සිදු වී ඇතැයි කියන වංචා හා දූෂණ සෙවීමට අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළා.  රේගු ගැටළුව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. නව ලොවට ගැලපෙන පරිදි රේගු පනත සංශෝධනය කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 6, 2019 11:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්