ඇතැම් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය තාවකාලිකව ඉහළ යාහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ඊට අයත්. සුළං හමා යන්නේ ඊසාන දිශාවෙන් වනඅතර එම මුහුදු ප්‍රදේශ විටින්විට රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.